Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රේෂ්ඨාධිකරණ අතුරු තහනම් නියෝගය දෙසැම්බර් 10 දක්වා දීර්ඝ කෙරේ

දිනුක් හේවාවිතාරණ




පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කල ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය මේ මස 10 වෙනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

මෙම නඩුව විභාග කරනු ලබන සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම අත්හිටුවීමේ නියෝගය දීර්ඝ කර තිබෙනවා.

අදාළ පෙත්සම් විභාගයේ පෙත්සම්කරුවන් හා වග උත්තරකරුවන් වෙනුවෙන් කරුණු දැක්වීම අවසන් වී ඇති අතර මේ වන විට ප්‍රති උත්තර ලබාදීම සිදුකරමින් පවතිනවා.