Thursday, March 28, 2024

General line - 0115112241

මිළඟ පාර්ලිමේන්තු රැස්වීමට ඉදිරිපත් කරන යෝජනාවක් ගැන එජාපයෙන් අනාවරණයක්

මහේෂ් චතුරංග




ලබන 12 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේදී රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත් කළයුතු බවට වන යෝජනාවක් ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් පී පෙරේරා පවසනවා. 

පාර්ලිමේන්තුවේ 225 දෙනාම කැමති වුවද රනිල් වික‍්‍රමසිංහ මහතාට අග‍්‍රාමාත්‍ය ධුරය ලබානොදෙන බවට ජනාධිපතිවරයා සිදුකර ඇති ප‍්‍රකාශය අනුව එම උත්සාහය සාර්ථකවේ දැයි මාධ්‍යවේදීන් මන්තී‍්‍රවරයාගෙන් මෙහිදී ප‍්‍රශ්න කළා. 

මුළු පාර්ලිමේන්තුව මොනවා කිව්වත් මම කියන විදිහට තමයි පාර්ලිමේන්තුව වැඩ කරන්න ඕනේ කියන ජනාධිපතිවරයෙක්. නමුත් 2015 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව දැන් ඉන්නේ ඊට කලින් හිටපු ජනාධිපතිවරයෙක් නෙමෙයි කියන එක මතක් කරලා දෙන්න ඕනේ. 

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොණුකර ඇති නඩුවෙන් සිය පාර්ශවයට ජය හිමිවනු ඇතැයි විශ්වාස කරන බවද පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් පී පෙරේරා වැඩිදුරටත් සදහන් කළා.

පවතින නීතිමය ගැටළු නිරාකරණයවීමෙන් පසු රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය ධුරයට පත්විය යුතුය යන්න එක්සත් ජාතික පක්‍ෂයේ  ස්ථාවරය වන බවයි මන්තී‍්‍රවරයා වැඩිදුරටත් කියාසිටියේ. අරලියගහ මන්දිරයේ අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් පී පෙරේරා මේ බව කියාසිටියා.