Friday, March 29, 2024

General line - 0115112241

උතුරේ ජල ප්‍රශ්නයට විසදුමක්




ප‍්‍රතිසංස්කරණය කෙරුණු කිලිනොච්චි, ඉරණමඩු ජලාශය අද (07) ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් ජනතා අයිතියට පැවරුණා. ජනාධිපතිවරයාගේ පූර්ණ මැදිහත්වීමෙන් උතුරේ විශාලතම ජලාශය වන ඉරණමඩු ජලාශයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරුණේ 2015 වසරේදීයි. 

1975 වසරෙන් පසු එම ජලාශයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදුකෙරුණු පළමු අවස්ථාවද මෙයවීම විශේෂත්වයක්. අක්කර 21,000 ක භූමි ප‍්‍රමාණයක ඉදිකර ඇති ඉරණමඩු ජලාශය මගින් පවුල් 9,180 කට සෙත සැලසෙනවා. එමගින් ප‍්‍රදේශයේ ගොවි ජනතාවට යල මහ දෙකන්නයේම ගැටළුවකින් තොරව සිය වගා කටයුතු සිදුකිරීමට අස්ථාව හිමිවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. උතුරේ පානීය ජල ගැටළුවලටද එමගින් විසදුම් හිමිවනවා. ජලාශය ප‍්‍රතිසංස්කරණය කිිරීම සදහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 2,000 කට අධිකයි. 

මේ අතර කිලිනොච්චි, ශාන්තිකුලම් ප‍්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවකටද ජනාධිපතිවරයා අද එක්වුණා. එහිදි ප‍්‍රදේශයේ ජනතාවගේ ගැටළු පිළිබද සොයා බැලූ ජනාධිපතිවරයා ඒ පිළිබද සොයා බලා විසදුම් ලබාදෙන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්්ඞ් කුරේ වෙත උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.