Thursday, April 25, 2024

General line - 0115112241

පෙත්සම් විභාගය අවසන් : තීන්දුව ඉදිරි දිනකදී ප්‍රකාශ කරනවා

දිනුක් හේවාවිතාරණ




පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිකුත් කල ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කල පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසන් කර තිබෙනවා.

සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගය පුරා දින 04 ක කාලයක් පැවතියා. මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය මෙම මස 10 වෙනිදා දක්වා දිර්ඝ කරනු ලැබුවා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (07) දිනයේ පෙත්සම් විභාගය අවසන් කරමින් කියා සිටියේ ඉදිරි දිනකදී සිය තීන්දුව ප්‍රකාශයට පත් කරන බවයි. ඊට අදාළ නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරන තුරු දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළා.