Friday, April 19, 2024

General line - 0115112241

දහ නවය හකුළා දැමීමේ උත්සාහය පරදවන බව එජාපය කියයි

මහේෂ් චතුරංග




19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් පුරවැසියාට ලබාදුන් අයිතිවාසිකම් හකුලා දැමීමට ගන්නා ඕනෑම උත්සාහයක් පරාජය කිරීමට එක්සත් ජාතික පක්‍ෂය සූදානම් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් පී පෙරේරා පවසනවා. අරලියගහ මන්දිරයේ අද (07) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියාසිටියා. 

 ඕනෑම මැතිවරණයකට මුහුණදීමට එක්සත් ජාතික පක්‍ෂය සූදානම් බවත් මතුව ඇති ගැටළු විසදීමට හොදම විසදුම ජනාධිපතිවරණයක් පැවැත්වීම බවත් මෙහිදි ප‍්‍රකාශ කෙරුණා.