Friday, March 29, 2024

General line - 0115112241

නගරාධිපතිගේ නිල රථයට වෙන් කළ මුදලින් සභාවට ට්‍රැක්ටර් ගෙනෙයි - කඩුවෙලින් ආදර්ශයක්

ඉරේෂන් සිරිවර්ධන




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළ කඩුවෙල මහ නගර සභාවේ අභිනව පුරපති ලෙසට පත්වූ බුද්ධික ජයවිලාල් නගරාධිපතිවරයා සිදු කළ සත්ක්‍රියාවක් පිළිබදව නගරාධිපතිවරයාගේ ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබෙනවා.

එහිදි ඔහු සඳහන් කර තිබුනේ අභිනව පුරපතිවරයාට නිල රථයක් ගෙන්වීමට නගර සභාව මගින් වෙන් කළ මුදලින් පෞද්ගලික වාහනයක් මිලට ගැනීම ප්‍රතික්ෂේප කර එම මුදලින් නගරසභාවට ට්‍රැක්ටර් මිලට ගත් බවයි. නගර සභාවට කසළ කළමනාකරණය උදෙසා නව ට්‍රැක්ටර් හයක් මිලට ගැනීමට වැයව ඇත්තේ නගරාධිපති නිල රථයට වෙන් කළ මුදලින් හරි අඩක් පමණක් බවත් පුරපතිවරයාගේ ෆේස්බුක් ගිණුමේ සටහන්ව තිබුණා.