Thursday, April 25, 2024

General line - 0115112241

කුසල් මෙන්ඩිස්, දික්වැල්ල, ධනුෂ්ක පුහුණු තරගයේත් බිංදුවට දැවී යති




නවසීලන්තය අතර පැවැත්වෙන පළමු පුහුණු තරගයේ කාසියේ වාසිය හිමිකර ගෙන පළමුව පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුළු නවයක් දැවී ලකුණු 210 ක් රැස්කර ගෙන සිිටියදී ඉනිම අත්හිටුවනු ලැබුවා. ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 128 යි. දිනේෂ් චන්දිමාල් ලකුණු 26 ක් රැස් කළා. 

කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල මෙම තරගයේදීද ලකුණු බිංදුවට දැවී යාම විශේෂත්වයක්.

පළමු ඉනිම කී‍්‍රඩා කරන නවසීලන්ත කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුළු 4 ක් දැවී ලකුණු 67 ක් රැස්කර ගෙන සිටියා.