Thursday, March 28, 2024

General line - 0115112241

ඉතාලියේ රාති‍්‍ර සමාජ ශාලාවක සිදුවූ තෙරපීමකින් හය දෙනෙකු මරුට

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් පුවත් ඇසුරෙන්




ඉතාලියේ ඇන්කොනා නගරයේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවක සිදුවූ තෙරපීමකින් පුද්ගලයින් 06දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිද්ධියෙන් තවත් පුද්ගලයින් 100දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. 

තුවාල ලැබූවන්ගෙන් ඇතැමෙකුගේ තත්ත්වය බරපතල බවද සඳහන්. එම අවස්ථාවේදි අදාළ සමාජ ශාලාව තුළ පුද්ගලයින් 1000ක් පමණ සිට ඇති බවයි පැවසෙන්නේ. කිසියම් පුද්ගලයෙකු විසින් රැස්ව සිටි පිරිස අතරට ගම්මිරිස් කුඩු ඉසීමත් සමග සමාජ ශාලාව තුළ සිටි පිරිස එකවර එම ස්ථානයෙන් ඉවත්යාමට උත්සහ කිරිමේදී එම තෙරපීම සිදුව තිබෙනවා