Thursday, March 28, 2024

General line - 0115112241

ට්‍රම්ප්ගේ කාර්යය මණ්ඩල ප්‍රධානියා ඉවත් වෙන ලකුණු

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ කාර්යය මණ්ඩල ප‍්‍රධානියා ලෙස කටයුතු කරන ජෙනරාල් ජෝන් කෙලී සිය ධූරයෙන් සමුගැනීමට සැරසෙනවා.

විදෙස් වාර්තා පැවසුවේ ජනාධිපති ට‍්‍රම්ප් විසින් ඊයේ (08) ඒ බව නිවේදනය කළ බවයි. ඒ අනුව මෙම වසර අවසානයත් සමග ජෝන් කෙලී, එම ධූරයෙන් ඉවත් වන බවයි ජනාධිපති ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළේ. 

කෙසේවෙතත් සිය තනතුරෙන් ඉවත් වන ලෙසට ජෙනරාල්වරයා හට බලපෑම් එල්ල වෙමින් පවතින බව මීට පෙර අවස්ථා කිහිපයකදීම විදෙස් මාධ්‍ය විසින් වාර්තා පළ කර තිබුණා. එසේම ජනාධිපති ට‍්‍රම්ප් සහ ජෙනරාල් ජොන් කෙලී අතර මේවනවිට මතභේදාත්මක තත්ත්වයක්ද හට ගෙන ඇති බවයි එම වාර්තා වල වැඩිදුරටත් දැක්වුණේ.

කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපතිවරයාගේ කාර්යය මණ්ඩල ප‍්‍රධානියා ලෙස කටයුතු කරන ජෙනරාල් ජෝන් කෙලී සැලකෙන්නේ ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ සමීපතමයෙකු ලෙසයි. ඔහුගේ ඉවත් වීමෙන් පුරප්පාඩු වන ජනාධිපති කාර්යය මණ්ඩල ප‍්‍රධානී තනතුර සඳහා ඉදිරි දින දෙක තුළදී  නව නිලධාරියෙකු නම් කරන බව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් නිවේදනය කර තිබෙනවා.