Friday, March 29, 2024

General line - 0115112241

හදිසියට පාර පැන්න මවයි දුවයි පොලිසියෙන් අධිකරණයට - සමාවත් නොලැබේ

දිනසේන රතුගමගේ




පොලිස් අණ නොතකා, පාර මාරුවීමේ ඉර නොමැති ස්ථානයකින් පාර මාරු වූ මවක් සහ දියණියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා. 

යාපනයේ චාවාකච්චේරි නගරයේදී මෙම මව සහ දියණිය අදාළ වරද සිදු කර තිබුණා.

එහිදී මවට සහ දියණියට චාවකච්චේරි මහේස්ත්‍රාත්වරයා විසින් එක් අයෙකුට රුපියල් දහස (1000/=) බැගින් දෙදෙනාට රුපියල් දෙදහසක දඩයක් නියම කළා.

මෙම දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර තිබුණේ පාසල් දියණියගේ හදිසි අවශ්‍යතාවයක් නිසා ඔවුන් අදාළ ස්ථානයෙන් පාර මාරු වී ඇති හෙයින් ඔවුන්ට සමාව ලබා දෙන ලෙසයි. එහෙත් අධිකරණයෙන් ඊට සමාව ලැබී නොමැති බවයි වාර්තා වුණේ.