Tuesday, April 16, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පිළ දෙවන ඉනිම ගොඩ නගයි

කසුන් කැළුම්




සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කි‍්‍රකට් සභාපතිවරයාගේ පිල අතර පැවැත්වෙන පුහුණු තුන්දින තරගයේ දෙවන දිනය අදයි.

දෙවන දිනය නිමාවන විට දෙවෙනි ඉනිම කී‍්‍රඩා කරන ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුළු 02ක් දැවී ලකුණු 160ක් ලබා සිටියා. ශ‍්‍රී ලංකා දෙවෙනි ඉනිමේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ ධනුෂ්ක ගුණතිලක සහ ලහිරු තිරිමාන්නයි. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 116ක සබඳතාවක් ගොඩ නැගුවා. 

ප‍්‍රථම කඩුල්ල ලෙස ධනුෂ්ක ගුණතිලක දැවී ගියේ ලකුණු 83ක් ලබා සිටියදීයි. ලහිරු තිරිමාන්න ලකුණු 45ක් රැස් කළා. නොදැවී පන්දුවට පහරදෙන ධනංජය ද සිල්වා ලකුණු 19ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 11ක් ලබා සිටිනවා.

ශ‍්‍රී ලංකා කණ්ඩායම පලමු ඉනිමට ලකුණු 210ක් රැස් කිරීමට සමත්වුණා. නවසීලන්ත කි‍්‍රකට් සභාපතිවරයාගේ පිල ඊට පිළිතුරු වශයෙන් පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 270ක්. මෙම තරගය නවසීලන්තයේ නේපියර්  හිදී පැවැත්වෙනවා.