Friday, April 26, 2024

General line - 0115112241

ඉන්දීය සුපිරි නිලි ප‍්‍රියංකා චොප්රාගෙන් අමෙරිකානු මාධ්‍යවේදිනියක් සමාව අයදියි

තරංග රුක්ෂාන් ජයසේකර




ඉන්දීය සුපිරි නිලි ප‍්‍රියංකා චොප්රාගේ විවාහය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් සිදු කළ අමෙරිකානු මාධ්‍යවේදිනියක් ඒ පිළිබඳ සමාව අයැද සිටිනවා. ප‍්‍රියංකා චොප්රා ඉකුත්දා විවාහ වුණේ අමෙරිකානු ගායකයෙකු වන නික් ජනර්ස් සමඟයි. 

නිව්යෝර්ක් නුවර කේන්ද්‍ර කරගත් වෙබ් අඩවියක මාධ්‍යවේදිනියක් වන මොරායි ස්මිත් පවසා තිබුණේ ප‍්‍රියංකා සිය වෘත්තීය අනාගතය වෙනුවෙන් මෙම විවාහය සිදු කරගෙන ඇති බවයි. එහෙත් තමා සිදු කළ මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් සමාව අයැද සිටින බවත් වෙනත් කිසිදු අරමුණක් ඒ පිටුපස නොතිබූ බවත් අමෙරිකානු මාධ්‍යවේදිනිය අවධාරණය කර තිබෙනවා.