Friday, March 29, 2024

General line - 0115112241

ලේකම්වරු 05 දෙනෙකු පාර්ලිමේන්තුවට කැඳවා ප‍්‍රශ්න කිරීමේ සූදානමක්

සජිත් තිලකරත්න




අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා සහ තවත් අමාත්‍යංශ ලේකම්වරුන් කිහිපදෙනෙකු පාර්ලිමේන්තුවේ අදාළ කමිටු ඉදිරියට කැඳවා ප‍්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ අද (09) පැවති මාධ්‍ය හමුවකදීයි. 

ඊට අදාළ යෝජනාවලිය ඉකුත් සිකුරාදා කථානායකවරයාට සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට භාරදුන් බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.