Friday, March 29, 2024

General line - 0115112241

පංති කාමරයේදී සිසුවෙකුගේ හිසකෙස් බලහත්කාරයෙන් කපාදැමූ ගුරුවරිය අත්අඩංගුවට - එක් සිසුවෙක් සිද්ධිය වීඩියෝ කරලා (VIDEO)

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සිය පංති කාමරය තුළදී සිසුවෙකුගේ හිසකෙස් බලහත්කාරයෙන් කපා දැමූ අමෙරිකානු ගුරුවරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැලිෆෝනියා ප‍්‍රාන්තයේ උසස් පාසලක දී මෙම සිද්ධිය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පංති කාමරයේ ඉදිරියෙන් තැබූ අසුනක සිසුවෙකු වාඩි කරවා බලහත්කාරයෙන් ඔහුගේ හිසකෙස් අදාළ ගුරුවරිය කපා දමා තිබුණා. පංති කාමරයේ සිට තවත් අයෙකු එය වීඩියෝගත කර අන්තර්ජාලයට මුදා හැරීමත් සමගයි ඇයට එරෙහිව පියවර ගෙන ඇත්තේ.

කරුණු 06ක් යටතේ අදාළ ගුරුවරියට චෝදනා ගොනු කර ඇති අතර වසර තුනහමාරක සිර දඩුවමක් හිමි වනු ඇති බවට ද වාර්තා පළ වනවා. 

 

 

My buddies teacer forcefully cut his hair... from r/visalia