Wednesday, April 24, 2024

General line - 0115112241

එජාපයට යන්න හේතුව තිළිණ බණ්ඩාර තෙන්නකෝන් කියයි (PHOTOS) (UPDATE)

හේමන්ත කහවලගේ/සජිත් තිලකරත්න/මහේෂ් චතුරංග




මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු අමාත්‍ය තිලිණ බණ්ඩාර තෙන්නකෝන් අද (10) එක්සත් ජාතික පක්ෂය හා එක් වුණා.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අතින් තමන් අද දිනයේ එම පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් බවයි ඔහු කියා සිටියේ.

තමන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වීමට හේතු වූ කරුණු පිළිබඳ තිලිණ බණ්ඩාර තෙන්නකෝන් නෙත් නිවුස් වෙත මෙලෙස පැහැදිලි කළා.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් ලෙස පක්ෂය ගන්නා බොහෝ තීරණ නොදන්නා නිසා තමා මෙම තීරණය ගත් බවත්  සඳහන් කළා. මේ අනුව දැන් පෙරහැරේ කසකාරයෝ කිහිපදෙනෙකු ගමන් කිරීමට ආරම්භ කර ඇති බවත් ඉදිරියේදී පෙරහැර ගමන් ගන්නා ආකාරය දැක ගත හැකි බවත් පැවසුවා.

තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මීට පෙර මධ්‍යම පළාත් ක‍්‍රීඩා, යෞවන කටයුතු, වනිතා, ග‍්‍රාම සංවර්ධන හා කර්මාන්ත පිළිබද අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. 

---------------------------

ශ්‍රීලනිප හිටපු මධ්‍ය පළාත් ඇමති එජාපයට (PHOTOS)

(10-12-2018 10:10)

 

මධ්‍යම පළාත් සභාවේ හිටපු ඇමති තිළිණ බණ්ඩාර තෙන්නකෝන් රනිල් වික්‍රමසිංහ මහතා හමුවී එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.

ඔහු මීට පෙර කටයුතු කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින්.