Thursday, April 18, 2024

General line - 0115112241

පන්දු යැවීමේ ඉරියවු නීතිවිරෝධී: අකිලට ජාත්‍යන්තර තරගවල පන්දු යැවීම තහනම්

මහේෂ් චතුරංග




ශ්‍රී ලංකා දඟ පන්දු ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියවු නිත්‍යානුකුල නොවන බැවින් ඔහුට වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් තරග වල පන්දු යැවීම තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. 

ඔස්ට්‍රේලියාවේදී සිදුකරනු ලැබූ පරීක්ෂණයකින් අනුව අකිල ධනංජයගේ පන්දු යැවීමේදී ඔහුගේ අත නිත්‍යානුකුල අංශක 15  සීමාව ඉක්මවා යන බබවට පරීක්ෂණ වාර්තාව මගින් හෙළිවී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සදහන් කරන්නේ.

කෙසේ නමුත් අකිල ධනංජය හට දේශීය තරග වලට ක්‍රීඩා කිරීමට අවසර හිමිවන බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

ඉකුත්දා පැවති එංගලන්ත සංචාරය අතර වාරයේදී අකිලගේ පන්දු යැවීමේ ඉරියවු සැක සහිත බවට ප්‍රකාශ කෙරුනා.

කෙසේ නමුත් සිය පන්දු යැවීමේ ඉරියවු  වෙනස් කර ගැනීමෙන් අනතුරුව නැවත වරක් අකිල හට පන්දු යැවීමේ ඉරියවු පරික්ෂා කිරීමේ පරීක්ෂණයක් සඳහා ඉල්ලුම් කල හැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියලය සිය නිවේදනය මගින් දන්වා තිබෙනවා.