Thursday, April 25, 2024

General line - 0115112241

ලොව පුදුම හතෙන් එකක් මත නිරුවත් ජයාරූප ගත් නෙදර්ලන්ත යුවළ (VIDEO)

දිනුක් හේවාවිතාරණ




ලොව පුදුම හතෙන් එකක් ලෙස සැලකෙන ඊජිප්තුවේ සුප්‍රකට ගීසා පිරිමිඩය මත නිරුවත් ජයාරූප ගත් බව කියන නෙදර්ලන්ත ජාතික යුවලක් සම්බන්ධයෙන් ඊජිප්තුවේ බලධාරීන් විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

නෙදර්ලන්ත ජයාරූප ශිල්පියෙක් සහ කාන්තාවක් විසින් මෙලෙස ගීසා පිරිමිඩය මත නැගී නිරුවත් ජයාරූප පෙලෙක් වෙබ් අඩවියකට මුදා හැර ඇති අතර මේ සමග මුස්ලිම් රටක් වන ඊජිප්තුවේ දැඩි කැලබිමක් ඇතිව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අඩි 460 ක් උසින් යුත් මෙම ගීසා පිරිමිඩය මතට මෙම යුවල සැබෑ වශයෙන් නග්ගාද? එමෙන්ම මෙම ලබා ගත් ජයාරූප පෙළ එහි සිට ලබා ගත් නියම ඒවාද යන්න ගැන මේ වන විට ඊජිප්තු බලධාරින් විසින් විමර්ශන සිදු කරමින් පවතියි.

මෙලෙස ඊජිප්තුවේ පිහිටි පිරිමිඩ මත නැගීම බලවත් වරදක් ලෙස සලකන අතර එය " මහජන සදාචාරය උල්ලංඝණය" කිරීමේ වරදට යටත් වන බවයි එරට පුරාවිද්‍යා කටයුතු පිළිබද අමාත්‍යවරයා වන ඛාලිඩ් අල්-අනානි ප්‍රකාශ කර සිටින්නේ.

කෙසේ නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින නෙදර්ලන්ත ජාතික ජයාරූප ශිල්පියා සහ එම කාන්තාව වසර 4500 ක් පමණ ඉපැරණි ගීසා පිරිමිඩය මතට නගින අයුරු රැගත් වීඩියෝවක් යු ටියුබ් සමාජ ජාල වෙබ් අඩවියට මුදා හැර තිබෙනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් නෙදර්ලන්තයේ සඟරාවකට කියා ඇත්තේ තමන් ගීසා පිරිමිඩය මතට නැගීම ගැන බොහෝ දෙනා කලබලවී ඇති බවයි. කෙසේ වුවත් එය තමාගේ සිහිනයක් වී තිබු දෙයක් බවත් ඒ මත නැගී ලිංගිකව හැසිරුණු බවට ඇතැමුන් සිදුකරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. 


නෙදර්ලන්ත ජයාරූප ශිල්පියා විසින් පටිගත කරන ලද එම වීඩියෝවට පිවිසීමට 

www.youtube.com/watch?v=t1FDV03acGY