Saturday, April 20, 2024

General line - 0115112241

ඉන්දියාවේ රුපියලත් අනපේක්ෂිත ලෙස කඩා වැටේ

තරංග රුක්ෂාන් ජයසේකර




අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඉන්දීය රුපියලේ අගය අද (11) අනපේක්ෂිත ලෙස කඩා වැටුණා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සියයට එකයි දශම දෙකකින් ඉන්දීය රුපියලේ අගය පහළ ගොස් ඇති බවයි. ඉන්දීය මහ බැංකුවේ අධිපති අර්ජිත් පටෙල්ගේ හදිසි ඉල්ලා අස්වීම මෙම තත්වයට ප‍්‍රධාන හේතුව වී තිබෙනවා.

මේ හේතුවෙන් ආයෝජන දුර්වල වී ඇති අතර ඉන්දියාව තුළ නව ආයෝජන සිදු කිරීමේදී ප‍්‍රවේශම් වීමට ද ව්‍යාපාරිකයින් පෙළඹෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. පෞද්ගලික හේතුවක් යැයි පවසමින් ඉන්දීය මහ බැංකුවේ අධිපතිවරයා ඊයේ හදිසියේ සිය ධුරයෙන් ඉල්ලා අස්වුයේ තවත් වසර එක හමාරකට ආසන්න කාලයක් එම ධුරයේ කටයුතු කිරීමට ඉඩ තිබියදී වීම විශේෂත්වයක්.