Friday, March 29, 2024

General line - 0115112241

ඩොලරයක අල්ලසක් ගත් සේවකයින් දෙදෙනාට සිදුවූ දේ

දිනුක් හේවාවිතාරණ




කන්ටේනර් රථ ලොරි රථ රියදුරන්ගෙන් අමෙරිකානු ඩොලර් 01ක අල්ලසක් ලබා ගත් චීන ශ්‍රමිකයින් දෙදෙනෙකුට එරෙහිව සිංගප්පුරුව විසින් අල්ලස් චෝදනා කර තිබෙනවා.

මෝටර් රථ ගොඩබෑමේ සහ පැටවීමේ නිරත ෆොක් ලිෆ්ට් රියදුරන් දෙදෙනෙක් ලෙස සේවය කරන මෙම චීන ජාතිකයින් දෙදෙනා කන්ටේනර් රථ සඳහා ප්‍රමාදයකින් තොරව සිය සේවා සැපයීම සඳහා මෙලෙස අමෙරිකානු ඩොලර් 01 ක අල්ලසක් ලබා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

47 සහ 43 හැවිරිදි මෙම චින ජාතිකයින් දෙදෙනා ඔවුන්ට එරෙහිව නගා තිබෙන චෝදනා වලට වැරදිකරුවන් වුවහොත් 05 වසරක සිර දඬුවමක් සහ සිංගප්පුර් ඩොලර් 100,000ක දඩයක් නියමවනු ඇති බවයි වාර්තා වන්නේ.

ලොව දුෂණ වංචා වලින් අඩුම රටක් ලෙස සිංගප්පුරුව සලකනු ලබනවා. දැනට චෝදනා එල්ල වී තිබෙන චින ජාතිකයින් දෙදෙනා සේවයෙන් ඉවත් කර තිබෙනවා.