Friday, April 19, 2024

General line - 0115112241

ලෝක ප‍්‍රකට ‘‘ද ටයිම්ස්’’ සඟරාව මෙවර ‘‘වසරේ පුද්ගලයා’’ යන නාමය වෙන් කළ හැටි

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලෝක ප‍්‍රකට ‘‘ද ටයිම්ස්’’ සඟරාව මෙවර ‘‘වසරේ පුද්ගලයා’’ යන නාමය ලොව පුරා ඝාතනයට ලක් වූ සහ සිරගත කළ මාධ්‍යවේදීන් වෙනුවෙන් වෙන් කර තිබෙනවා.  ඒ, ‘‘ ආරක්ෂකයින් හා සත්‍ය පිළිබද යුද්ධය’’ යන තේමාව යටතේයි. 

මුල් කවර 4ක් යටතේ නිකුත් කෙරුණු ටයිම්ස් සඟරාවේ එක් මුද්‍රණයක දක්වා ඇත්තේ ලොව පුරා දැඩි කතා බහක් ඇති කළ ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ජමාල් කසෝගිගේ ඡායාරූපයයි. ‘‘කැපිටල් ගැසට්’’ නම් වූ අමෙරිකානු පුවත්පතක සේවය කළ ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් 05 දෙනෙකු ඇතුළත්  ඡායාරූපක් අනෙක් කවරයට ඇතුළත් කර තිබෙනවා. 

පිලිපීනයේ නායකත්වය දැඩි ලෙස විවේචනය කළ එරට ප‍්‍රවෘත්ති වෙබ් අඩවියක සංස්කාරකවරියක් වන මාරියා රෙස්සාගේ ඡායාරූපයක් තවත් මුද්‍රණයක ඇතුළත්.

රොයිටර් මාධ්‍යවේදීන් වන වා ලෝන් හා කියෝව් එස් ඔව්යු ද වසරේ පුද්ගලයා ලෙස ටයිම්ස් සඟරාව නම් කර තිබෙනවා. ඒ, මියන්මාරයේ රොහින්ග්‍යා සරණාගතයින් වෙනුවෙන් හඩ නැගීම හා එම අර්බුදය පිළිබඳ කළ විමර්ශනය හේතුවෙන්.