Tuesday, March 19, 2024

General line - 0115112241

අවසන් යුද සමයේ බෝම්බ ප්‍රහාරයකට ලක්වූ කෝප්‍රල්ගේ සාම ගමන සාර්ථකව අවසන් කරයි (PHOTOS)

දිනසේන රතුගමගේ / මාධව කුලසූරිය




සංහිඳියාව සහ සාමය පෙරදැරි කර ගනිමින් දෙවුන්දර සිට ට‍්‍රයිසිකලයක් ආධාරයෙන් ගමන්ගත් යුද හමුදා ආබාධිත රණවිරුවාගේ ගමන යාපනය පේදුරුතුඩුවෙන් අවසන් කර තිබෙනවා.

මෙම ගමනට එක්ව සිටියේ අවසන් යුද සමයේ 2009 මැයි මස 07 වැනිදා මුලතිව් පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශයේදී බෝම්බ ප‍්‍රහාරයකට ලක්ව සිය පාද දෙක සහ අතක ඇගිලි අහිමිව සිටින 
කෝප‍්‍රල් පී. කේ. ජී. කරුණාරත්නයි.

අභිමංසල පාන්ගොල්ල සුවසහන මධ්‍යස්ථානයේ ප‍්‍රතිකාර ලබන ඔහු සිය ගමන ආරම්භ කළේ ඉකුත් 03 වැනිදායි. මෙම ආබාධිත රණවිරුවා සිය ගමන අවසන් කළේ කිලෝමීටර් 576ක දුරක් ගෙවා දමමින්.