Thursday, April 25, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකාවට ලෝක දෘශ්‍යාබාධිත ක‍්‍රිකට් සම්මේලනයේ ඉහළ පුටුවක්

කසුන් කැළුම්




ලෝක දෘෂ්‍යාබාධිත වූවන්ගේ කි‍්‍රකට් සම්මේලනයේ උප සභාපති ලෙස ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත කි‍්‍රකට් සංගමයේ සභාපති චමින්ද පුෂ්පකුමාර තේරී පත්ව තිබෙනවා.

ඒ, නේපාලයේ කත්මන්ඩු නුවර පැවති ලෝක දෘෂ්‍යාබාධිතවූවන්ගේ කි‍්‍රකට් සම්මේලනයේ 21 වන මහා සභා රැස්වීමේදීයි.

එහිදී පැවති ඡන්ද විමසීමේදී චමින්ද පුෂ්පකුමාර එහි උප සභාපති ධුරයට තේරී පත් වුණා. ලෝක දෘෂ්‍යාබාධිතවූවන්ගේ කි‍්‍රකට් සම්මේලනයේ 22 වන මහා සභා රැස්වීම ශී‍්‍ර ලංකාවේ පැවත්වීමට ද මෙහිදී තීරණය  වූ බවයි චමින්ද පුෂ්පකුමාර නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියා සිටියේ.