Sunday, June 16, 2019
Hotline - 0770586666

යාපන‍ සරසවි සිංහල සිසුවෝ යළි ගැටෙති..තිදෙනෙක් රෝහලට

වව්නියාව මධුශංක අමරසිංහ

7981Views

 

 

 



යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සිව්වැනි වසරේ සිසුන් සහ දෙවැනි වසරේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් විශ්ව විද්‍යාල සිසුන් තිදෙනෙකු ඊයේ(11) රාත්‍රියේ තුවාල ලබා රෝහල් ගත කළ බව යාපනය පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ කන්දර්මඩම් ප්‍රදේශයේ දී යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ  සිව්වැනි වසරේ සිසුන් පිරිසක් හා දෙවැනි වසරේ සිසුන් පිරිසක් අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් ගැටුම සිදුව ඇති බවයි

තුවාලකරුවන් යාපනය රොහලට ඇතුළත් කොට ඇති අතර, තුවාලකරුවන්ගේ තත්වය බරපතල නොවන බවද පොලිසිය සඳහන් කරයි

 සිවවන වසර සිසුන්ට දෙවැනි වසර සිසුන් ගරු නොකිරීමේ ගැටළුවක් මත ගැටුම හටගෙන ඇති බවට අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සිසුන්ගෙන් කටඋත්තර ලබාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.