Wednesday, April 17, 2024

General line - 0115112241

මහින්දගේ ඇපෑල 14දා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

අධිකරණ වාර්තාකරු




අගමැතිවරයා හා කැබිනට් මණ්ඩලයේ කටයුතු වළක්වාලමින් අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව මහින්ද රාජපක්‍ෂ මහතා ගොණුකළ පෙත්සම දෙසැම්බර් 14 වනදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළා.

පෙත්සම අද කැදවූයේ ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි. 

මේ අතර අගමැතිවරයා හා කැබිනට් මණ්ඩලයේ කටයුතු සිදුකිරීම අභියෝගයට ලක්කරමින් ගොනු කළ රිට් පෙත්සමේ විභාගය ජනවාරී මස 16, 17 සහ 18 යන දිනවල සිදු කිරීමටයි අභියාචනාධිකරණය අද තීරණය කළේ. 

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය සහ නියෝජ්‍ය ඇමතිවරුන් එම ධූරවල කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ඉකුත් 3වනදායි.