Thursday, April 25, 2024

General line - 0115112241

5 වසර ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කෙරේ




2018 වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත  2019 වසරේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ ව දිවයිනේ එක් එක් පාසල්වලට තීරණය වූ කඩඉම් ලකුණු නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙවර වැඩිම කඩඉම් ලකුණු සංඛ්‍යාවක් සඳහා බාලක පාසල් යටතේ කඩඉම් ලකුණු සංඛ්‍යාව නියමවී ඇත්තේ කොළඹ රාජකීය විදුහලටයි. ඒ ලකුණු 187ක් ලෙස සටහන් වනවා. පිළිවලින් කොළඹ ආනන්ද විද්‍යාලය (ලකුණු 185), කොළඹ නාලන්ද විද්‍යාලය (ලකුණු 184), කොළඹ ඩි.එස්. සේනානායක විද්‍යාලය (ලකුණු 182), ගම්පහ බණ්ඩාරනායක විදුහල (ලකුණු 179ක්) වශයෙන් නම් කර තිබෙනවා.

බාලික පාසල් අතුරෙන් වැඩිම කඩඉම් ලකුණු සංඛ්‍යාවක් සටහන්ව ඇත්තේ කොළඹ විශාකා විද්‍යාලයටයි. ඒ ලකුණු 189ක්.