Thursday, March 28, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍ය අගමැතිවරියට එරෙහි විශ්වාසභංගය පරාජය වෙයි




බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය වන තෙරේසා මේ ට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාව පරාජයට පත්ව තිබෙනවා.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය වන තෙරේසා මේ ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ඇය නියෝජනය කරනු ලබන කන්සර්වේටිව් පක්ෂයේ මන්ත්‍රීවරුන් තීරණය කර තිබුණා.

මේ අනුව අගමැතිවරියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන ලෙස ඉල්ලා මන්ත්‍රිවරුන් 48 දෙනෙක් ද ලිපි ඉදිරිපත් කර තිබූ බවයි විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබුණේ. 

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ගත් තීරණයෙන් පසුව තෙරේසා මේ බ්‍රිතාන්‍ය අගමැතිධුරයට පත් කරනු ලැබුවා.