Tuesday, April 23, 2024

General line - 0115112241

ශ්‍රේෂ්ඨාධිකරණය අවට ආරක්ෂාව තර කෙරේ

සමන්ත කුමාර/ පසන් වික්‍රමතිලක




අලූත්කඬේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය අවට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ පොලිසිය, පොලිස් විශේෂ කාර්යය බලකාය මෙන්ම කැරලි මර්දන බලඇණිද ශ්‍රේෂ්ඨාධිකරණය අවට ආරක්ෂාව සඳහා යොදවා ඇති බවයි.

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද පස්වරු 04ට ලබා දීමට නියමිතයි.

අගවිනිසුරු නලින් පෙරේරා ප‍්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැනුණා.

මේ වනවිටත් පෙත්සම්කාර පාර්ශව වල නියෝජිතයින් රැසක් ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය වෙත පැමිණ සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.