Thursday, April 25, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නීතිවිරෝධී

දිනුක් හේවාවිතාරණ




පාර්ලිමේන්තුව විසුරුවා හරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බල රහිත කරනු ලැබුවා. 

ජනාධිපතිවරයා විසින් වසර 4.5 ක් ගත වීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරිනවානම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙක බලය තිබිය යුතු බවයි අගවිනිසුරුවරයා ප්‍රකාශ කර සිටියේ.

මෙය සත් පුද්ගල විනිසුරුවරුන්ගේ ඒක මතික තීන්දුවක් බවයි අගවිනිසුරුවරයා ප්‍රකාශ කර සිටියේ.

ජනාධිපතිවරයා විසින් නිකුත් කල ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් පෙත්සම් 12 ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ අතර පෙත්සම් විභාගය සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනුණා.