Saturday, April 20, 2024

General line - 0115112241

මෛත්‍රී - මහින්ද තීරණාත්මක සාකච්ඡාවක

හේමන්ත කහවලගේ/සමන්ත කුමාර




ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) ලබා දුන් තීන්දුව අනුව ගතයුතු ඉදිරි දේශපාලන කි‍්‍රයාමාර්ග පිළිබඳ එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින්ගේ විශේෂ සාකච්ඡාවක් මේ වනවිට පැවැත්වෙනවා. 

ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී වී සිටින මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. 

මේ අතර සිය ඉදිරි දේශපාලන කි‍්‍රයාමාර්ග පිළිබඳ සාකච්ඡුා කිරීම සඳහා එක්සත් ජාතික පෙරමුණ ද අද රාති‍්‍රයේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද රාති‍්‍රයේ එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.