Friday, March 29, 2024

General line - 0115112241

රනිල් සමග ආණ්ඩු නෑ..ජනපති තීරණයේ වෙනසක් නෑ

ලහිරු කපුගේ/ සමන්ත කුමාර




එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සමග ආණ්ඩු කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය සූදානම් නොමැති බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කර තිබෙනවා.

ඒ, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දුවෙන් පසු ගතයුතු ඉදිරි කි‍්‍රයාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද රාති‍්‍රයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදීයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින්ද එම සාකච්ඡාවට එක්ව සිටියා. සාකච්ඡුාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මෙසේ සඳහන් කළේය.

''අපි අධිකරණ තීන්දුවට ගරු කරනවා.නමුත් ජනාධිපතිතුමාගේ අදහස තියෙන්නේ ව්‍යවස්ථාවෙන් කුමන දේ කිවත් රනිල් වික්‍රමසිංහ සමග ආණ්ඩු කිරිමට එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ ශ්‍රීලංකා නිදහස් පක්ෂය සූදානම් නොමැති බවයි''.