Tuesday, April 23, 2024

General line - 0115112241

මැතිවරණ කොමිසමත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමේ සූදානමක

කසුන් කැළුම්/ සමන්ත කුමාර




ඉදිරි දෙවසර තුළ මෙරට ඡන්ද විමසිම් 03ක් අනිවාර්යයෙන් පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය පවසනවා.

හම්බන්තොට දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ අද(13) පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව කියා සිටියා.

කැබිනට් මණ්ඩලයක් පැවතීම හෝ නොපැවතීම මැතිවරණයක් පැවැත්වීමට බාධාවක් නොවන බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය වැඩිදුරටත් කියා සිටියේ. 

කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව මගින් පළාත් සභා මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග නොගන්නේ නම් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට අපේක්ෂා කරන බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහිදී ප‍්‍රකාශ කළා.