Wednesday, April 24, 2024

General line - 0115112241

ආණ්ඩුවක් පිහිටුවන්න ඉඩ දෙන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළා - නිශාන්ත මුතුහෙට්ටිගම

පසන් වික්‍රමතිලක / සමන්ත කුමාර




පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් 113 ක ගේ සහය හිමි පක්ෂයට ලබන සදුදා නව ආණ්ඩුවක් පිහිටුවීමට තමන් ඉඩ ලබා දෙන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කලා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි නිශාන්ත මුතුහෙට්ටිගම සදහන් කර සිටිනවා.

අද (13) රාත්‍රියේදී ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අතර පැවති සාකච්ජාවේදී මේ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කල බවයි මන්ත්‍රිවරයා මෙහිදී කියා සිටියේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබන සදුදා වන විට පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් 113 ක ගේ බලය පෙන්වන බවට මෙහිදී මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියා.

මන්ත්‍රිවරුන් 117 දෙනෙක් ගේ සහය රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවී ඇති බවට ඊයේ (12) පාර්ලිමෙන්තුවේ දී තහවුරුවූ බැවින් මන්ත්‍රිවරු 113 දෙනෙක් ගේ සහය ලබා ගන්නේ කෙසේද යන්න පිළිබදව නෙත් නිවුස් සිදු කල විමසීමේදී නිශාන්ත මුතුහෙට්ටිගම මන්ත්‍රිවරයා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ ඇත්තේ මන්ත්‍රිවරුන් 103ක් පමණක් බවයි.