Thursday, March 28, 2024

General line - 0115112241

"නව ආණ්ඩුවක් පත් කරන්න, රනිල්ට අගමැතිධූරය ලබා නොදී ජනපතිවරයා කරන්නේ වරදක්" ජවිපෙ සිය මතය කියයි

පසන් වික්‍රමතිලක




නව ආණ්ඩුවක් කඩිනමින් ස්ථාපිත කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ජනතා විමුක්ති පෙරමුණද අවධාරණය කරනවා. නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් එහි ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් මේ බව සදහන් කළා.

 

රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය ධුරයට පත් නොකරන බවට ජනාධිපතිවරයා සිදුකළ ප‍්‍රකාශය සම්බන්ධයෙන්ද විජිත හේරත් මන්තී‍්‍රවරයා ප්‍රකාශ කළා. එහිදි ප්‍රචාරක ලේකම්වරයා පැවසූවේ පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති පුද්ගලයාට අගමැතිධූරය ලබ නොදි නැවතත් වැරදි සිදු නොකරන ලෙසටයි.