Saturday, April 20, 2024

General line - 0115112241

"අපි හිඟන්නු නෙවෙයි, කන්නේ හොඳ හෝටල් වලින්, යන්නේ ලොකු කාර් එකෙන්" ලාල්කාන්තගෙන් පැහැදිලි කිරීමක්




ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි ලාල්කාන්ත සම්බන්ධ පුවතක් පසුගිය දිනවල අතිශය කතාබහට ලක්වුනා. ඒ කේ.ඩී ලාල්කාන්තගේ දියණියගේ උපාධි ප්‍රධානෝත්සවයේ ඡායාරූපයක් ෆේස්බුක් සමාජජාලා මාධ්‍යයේ හුවමාරූ වීමත් සමගයි.

කේ.ඩි ලාල්කාන්ත පසුගිය දිනවල පෞද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහිව සටන් කළ අතර ඔහුගේ දියණිය මෙරට ඉහළම සහ මිල අධිකම පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් උපාධිය ලබා ගැනීම මෙලෙස සමාජයේ ආන්දෝලනයට තුඩු දුන්නා. පෞද්ගලික විශ්ව විද්‍යාල අහෝසි කළ යුතු බවට සටන් කළ පිරිස් මින්පෙර එම විශ්ව විද්‍යාල හැඳින්වූයේ 'උපාධි කඩ' ලෙසින් වීමත් විශේෂයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කේ.ඩි ලාල්කාන්ත ඊයේ (13) දින කොළඹ පැවැති උත්සවයකදී පැහැදිලි කිරීමක් සිදු කළා.

එහිදි ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයා පැවසූවේ

"මමත් ළමයෙකුට උගන්නන්න ගිහින් කෙලියක් වෙලා තියෙන්නේ මේ දවස් වල. දැන් අපි නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අරගල කරනවනේ. එතකොට තර්කයක් ගේනවා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අරගල කරන කෙනෙකුට ප්‍රයිවට් කොලේජ් එකකට, එහෙමත් නැත්නම් ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට ඒ සටන් කරන අයගේ ළමයි යවන්න බෑ,

ලංගම වෙනුවෙන් අරගල කරනකොට පාරට බැස්සම යන්න තියෙන්නේ ප්‍රයිවට් බස් එක නම් ඒකෙ යන්නෙ නැත්ද, යන්න වෙනවා.  එතකොට අහනවා ලාල්කාන්තට සල්ලි කොහෙන්ද කියලා, උන් හිතන් ඉන්නේ අපි හිඟන්නු කියලා. අපිටත් ඉඩම් තියෙනවා, දේපළ තියෙනවා. වතුපිටි තියෙනවා. මිනිස්සු හිතන්නේ ජේවිපී දේශපාලනය කරනකොට අඳින්න බෑ කියලා. මේ ලඟදි කියනවා යන්නේ ලොකු කාර් එකින්, අඳින්නේ අත් දිගට කාලා, කන්නේ හොද හෝටල් වලින්, හැබැයි කතා කරන්නේ සමාජවාදේ. එතකොට ඒකෙන් කියනවා සමාජවාදය කියන්නේ හිගන අදහසක් කියලා. අපිට මේ සමාජ ක්‍රමය ඇතුලේ යමින් තමයි ඊට වඩා දෙයක් ඉල්ලා සිටීම වෙනුවෙන් කටයුතු කරන්න වෙන්නේ" යනුවෙනි.