Tuesday, March 19, 2024

General line - 0115112241

කාර්මික දෝෂයක් නිසා ලොව දෙවන විශාලතම ගුවන් යානය මත්තලට

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට




ලොව දෙවන  විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන්යාවක් වන  ඇන්ටනොවූ 124 දරන ගුවන් යානය කාර්මික දෝෂයක් හේතුවෙන් මත්තල ජාත්‍යන්තර  ගුවන්තොටුපොළ වෙත හදිසියේ ගොඩබස්සවා තිබෙනවා.

තායිලන්තයේ සිට උගන්ඩාව දක්වා පියාසර කරන අතර තුර මෙම ගුවන් යානය ඊයේ (13) අලුයම 5.26 ට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුල ගොඩ බස්වා ඇති අතර පසුව කාර්මික දෝෂය සකසා ගැනීමෙන් පසු  අද (14) දිනයේ නැවත උගන්ඩාව දක්වා පියාසර කර ඇත.