Wednesday, April 24, 2024

General line - 0115112241

අද විශ්‍රාම යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය

දිනුක් හේවාවිතාරණ




ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය අද (14) සිය සේවා ධුරයෙන් විශ්‍රාම යන බවට ශ්‍රේෂ්ඨාධිකරණයේදී ප්‍රකාශ කෙරුනා. මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම විභාගය ආරම්භ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලූවිහාරේ මේ බව ප්‍රකාශ කර සිටියා.

මේ අවස්ථාවේදී අංක 502 ශ්‍රේෂ්ඨාධිකරණ නඩු ශාලාවේ රැස්ව සිටි විනිසුරුවරුන් සහ නීතිඥවරුන් ඊවා වනසුන්දර විනිසුරුවරියට සිය සුභ පැතුම් පිරිනමනු ලැබුවා.

ඊවා වනසුන්දර මහත්මිය වසර 39ක් අධිකරණ කේෂ්ත්‍රයේ සේවය කර ඇති අතර සිය සේවා කාලය තුලදී මෙරට නිතිපතිවරියක් ලෙස මෙන්ම වැඩ බලන අගවිනිසුරු ධුරයේද කටයුතු කරනු ලැබුවා.