Thursday, March 28, 2024

General line - 0115112241

මහින්ද රාජපක්ෂ ගොනු කල අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගනියි

දිනුක් හේවාවිතාරණ




මහින්ද රාජපක්‍ෂ මහතාගේ අග‍්‍රාමාත්‍ය ධුරය සහ හිටපු අමාත්‍ය මණ්ඩලයට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය වළක්වන්නයි ඉල්ලා ගොනු කල අභියාචනය විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනු ලැබුවා.

මෙම නඩු විභාගය අවසන් වන තෙක් අභියාචනාධිකරණය විසින් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඇමැති මණ්ඩලයට ලබා දුන් කො වොරන්ටෝ අතුරු තහනම ක්‍රියාත්මක බවටද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශ කර ඇත.

මහින්ද රාජපක්ෂ මහතා ගොනු කළ අභියාචන විභාගය සදහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා ගෙන් ඉල්ලීමක් සිදුකරන මෙන් ඉල්ලා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල දන්වා සිටියා.

එමෙන්ම මෙම නඩු විභාගය ජනවාරි 16,17 සහ 18 යන දිනවල විභාගයට ගන්නා බවත් ඒ වන විට ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙසද අධිකරණය දන්වා සිටියා.

ඊවා වනසුන්දර, බුවනෙක අලූවිහාරේ සහ විජිත් මලල්ගොඩ යන ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේදී මෙම පෙත්සම විභාගයට ගැනුණා.