Tuesday, March 19, 2024

General line - 0115112241

රනිල් වික්‍රමසිංහ නව අගමැති ලෙස ඉරිදා දිවුරුම් දෙයි : ජනපතිගෙන් රනිල්ට දුරකථන ඇමතුමක්

දිනුක් හේවාවිතාරණ / නිශාන් ද සිල්වා




නව අගමැතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ලබන ඉරිදා (16) දිවුරුම් දීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක අබේසිංහ nethnews.lk වෙත ප්‍රකාශ කර සිටියා.

මේ අතර රාජිත සේනාරත්න මන්තී‍්‍රවරයා කියාසිටියේ එළඹෙන ඉරිදා උදෑසන 10 ට ජනාධිපතිවරයා ඉදිරියේ රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන බවයි.

මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මිට සුළු මොහොතකට පෙර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථන ඇමතුමක් ලබා දී මේ පිලිබදව සාකච්ජා කර ඇති බව වාර්තා වනවා.

නව ඇමති මණ්ඩලය මෙම ඉරිදා සවස් භාගයේ හෝ සඳුදා දිනයේ දිවුරුම් දීමට නියමිත බවයි කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක අබේසිංහ ප්‍රකාශ කර සිටියේ.