Tuesday, April 23, 2024

General line - 0115112241

යුරෝපා සංගමයෙන් බි‍්‍රතාන්‍යට යෝජනා කිහිපයක්

පවිත්‍රා මධුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




බි‍්‍රතාන්‍යය, යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් තවත් එකගතා කිහිපයකට බි‍්‍රතාන්‍ය මෙන්ම යුරෝපා සංගමයද එළඹ තිබෙනවා. නව තීරණයන්ට අනුව බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන්වීමෙන් පසු බි‍්‍රතාන්‍ය වැසියන් යුරෝපයේ සංචාරය කරන්නේ නම් ඔවුන්ට වීසා අවශ්‍ය නොවුනද, ගෙවීමක් සිදු කිරීමට සිදු වනවා.

ඒ අනුව යුරෝපා සංගමයට අයත් කිසියම් රටක සංචාරය කරන්නේ නම් සෑම වසර 03කටම වරක් යුරෝ 07ක මුදලක් ගෙවීමට බි‍්‍රතානය වැසියන්ට සිදුවනු ඇති. වීසා අවශ්‍ය නොවුනද මුදල් ගෙවා වෙනත් ලියවිල්ලක් ලබා ගැනීමටද බි‍්‍රතාන්‍ය වැසියන් හට සිදු වනු ඇති.