Friday, April 19, 2024

General line - 0115112241

මනාලයා පැදවූ රථය අධිවේගී මාර්ගයේදී හැප්පෙයි

රවින්ද්‍ර චන්ද්‍රලාල්




දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුවත් ඉමදුවත් අතර දී සිදුවූ අනතුරකින් විවාහ උත්සවයක් නිම වී ගමන් කරමින් සිටි යුවළක් තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මාතර ප්‍රදේශයේ පැවති විවාහ උත්සවයකින් අනතුරුව දෙවැනි ගමන සඳහා ගාල්ලට එමින් සිටියදී 99 වැනි කිලෝමීටර් කනුව ආසන්නයේදී මෙම අනතුර සිදුවී ඇති අතර මනාලයා පැදවූ මෝටර් රථය අධිවේගී මාර්ගයේ වැටේ වැදී මෙම අනතුර සිදුවී ඇති බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් අක්මීමන පොලිසිය පරීක්ෂණ පවත්වනවා.