Saturday, April 20, 2024

General line - 0115112241

පැය 18ක ජල කප්පාදුවක් අද මධ්‍යම රාත්‍රියේ සිට

සමන්ත කුමාර




අද (15) මධ්‍යම රාති‍්‍රයේ සිට කොළඹ දිස්ති‍්‍රක්කයේ ප‍්‍රදේශ කිහිපයක ජල සැපයුම පැය 18ක කාලයකට අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

එලෙස පැය 18ක ජල කප්පාදුවක් සිදු කෙරෙන්නේ රාජගිරිය, මොරගස්මුල්ල, ඇතුල්කෝට්ටේ, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල යන ප‍්‍රදේශවල සහ රාජගිරිය සිට නාවල විවෘත විශ්ව විද්‍යාලය දක්වා ප‍්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධ අතුරු මාර්ගවලයි.

එම ජල කප්පාදුව හෙට පස්වරු 06.00 දක්වා කි‍්‍රයාත්මක වන බවද ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කළා.