Thursday, April 25, 2024

General line - 0115112241

නිධන් හැරු 25ක් අත්අඩංගුවට




පුරාවස්තු ලබා ගැනීමේ අරමුණීන් කැනීම් සිදු කළ පුද්ගලයින් 25දෙනෙකු ප‍්‍රදේශ 03කදී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වාලච්චේන පොලීසිය මගින් සැකකරුවන් 15දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් පේරාල්වලි, පුලිපන්චිකල් රක්ෂිතයේ කැනීම් සිදු කරමින් සිටියදීයි.

ඇල්පිටිය මගුරුකඩුව කොට්ටගල රක්ෂිතයේ කැනීම් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු ප‍්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට භාර දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ. 

පුරාවස්තු සොයා කැනීම් කළ තවත් සැකකරුවන් 08දෙනෙකු ඇතිමලේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, උඩික්කපුආර බෝගස්යාය ප‍්‍රදේශයේදීයි. මෙම සැකකරුවන් අදාළ පොලිස් බල ප‍්‍රදේශවලට අයත් මහේස්ත‍්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසි මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.