Friday, April 19, 2024

General line - 0115112241

ශ‍්‍රීලනිපයේ පිරිසක් නව ආණ්ඩුවට එක්වීමේ සූදානමක

පසන් වික්‍රමතිලක




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්තී‍්‍රවරුන් පිරිසක් ඉදිරියේදී පිහිටුවීමට නියමිත නව ආණ්ඩුවට එක්වීමේ සූදානමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ්ඩාර පවසනවා.

කෙසේවෙතත් කණ්ඩායමක් ලෙස ඔවුන් නව ආණ්ඩුවට එක්කර ගැනීමේ සූදානමක් නොමැති බවයි අරලියගහ මන්දිරයේ අද (15) පැවැති මාධ්‍ය හමුවකදී මන්තී‍්‍රවරයා කියා සිටියේ.