Friday, April 26, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පොඞ්ඩෝ ආසියාවම දිනති

කසුන් කැලුම්




ආසියානු නැඟී එන ක‍්‍රිකට් ශූරතාව නැවත වරක් දිනා ගැනීමට ශ‍්‍රී ලංකා නැඟී එන කණ්ඩායම අද (15) සමත් වුණා. ඒ, ඉන්දීය නැඟී එන කණ්ඩායම ලකුණු 03කින් පරාජය කරමින්. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා නැඟී එන කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලූ 07ක් දැවී ලකුණු 270ක් දවා ගත්තා. 

පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ ඉන්දීය නැඟී එන කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලූ 09ක් දැවී රැස්කර ගත්තේ ලකුණු 267ක් පමණයි.

ලකුණු 61ක් ලබාගත් කමිඳු මෙන්ඩිස් සහ ලකුණු 54ක් ලබාගත් හසිත බෝයගොඩ ශ‍්‍රී ලංකා නැඟී එන කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් දක්ෂතා දැක්වූවා. 

වඩාත් සාර්ථක පන්දු යවන්නා වූයේ අසේල ගුණරත්නයි. ඔහු ලකුණු 38කට කඩුලූ 03ක් දවා ගත්තා. තරගයේ සහ තරගාවලියේ වීරයා ලෙස සම්මාන දෙකම දිනාගත්තේ කමිඳු මෙන්ඩිස් විසින්. 

අද තරගය කොළඹ ආර් පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වුණා.