Saturday, April 20, 2024

General line - 0115112241

'එජනිස' ය කථානායක දැනුවත් කරන්න සැරසේ

සජිත් තිලකරත්න




අනිද්දා (18) පාර්ලිමේන්තු රැස්වීමේ දී තමන් ඇතුළු පිරිස විපක්ෂයේ අසුන් ගන්නා බවට කථානායකවරයා දැනුවත් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන පැවසුවේ එහිදී විපක්ෂ නායක ධුරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නම යෝජනා කිරීමට ද අපේක්ෂා කරන බවයි.

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අනිද්දා (18) උදෑසන පැවැත්වෙන සිය පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී වැඩිදුරටත් තීරණය කරන බවද දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා කියා සිටියා.