Thursday, April 25, 2024

General line - 0115112241

මඩකලපුවේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ප්‍රහාරයක්

කසුන් කැළුම්




මඩකලපුව ඌරනි ප‍්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමක් සිදු කර තිබෙනවා.

ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් 03 දෙනෙකු පොලිස් නිලධාරීන් විසින් නවතා ඇති අතර පසුව දෙපාර්ශ්වය අතර බහින්බස් වීමක් සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එම අවස්ථාවේදී යතුරුපැදියෙන් පැමිණි එක් පුද්ගලයෙකු බෝතලයකින් පොලිස් නිලධාරීන් දෙදෙනාට පහරදී තිබෙනවා. තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

පහරදීමට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එක් අයෙකු පලා ගොස් තිබෙනවා.