Saturday, April 20, 2024

General line - 0115112241

අරගලය වෙනුවෙන් කැපවූ සියලු දෙනා අගමැති මතක් කරයි

කසුන් කැළුම්/සජිත් තිලකරත්න




ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලයක් වෙනුවෙන් කැපවූ සිය පාක්ෂිකයින් සියලූ දෙනාට ප‍්‍රසාදය පළ කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

අරලියගහ මන්දිරයේ දී විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින් අගමැතිවරයා මේ බව ප‍්‍රකාශ කළා. 

රටේ සාමාන්‍ය තත්ත්වය ඇති කර අඩාල වූ සංවර්ධන කටයුතු යළි ආරම්භ කිරීමට කැපවන බව ද අග‍්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවා.

අරලියගහ මන්දිරයේ දී විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඔහු වැඩි දුරටත් සඳහන් කළේ "පසුගිය සති කිහිපය තුළදී අපි ආරම්භ කර තිබූ මේ රටේ සංවර්ධනය.. ඉදිරි ගමන.. නැවතුනා. ඒක අවාසනාවක්. ඉතින් අද අපි පළමුවෙන්ම කැපවෙන්නේ වඩා හොඳ ජීවන තත්ත්වයක්.. ආර්ථික තත්ත්වයක් රටේ ජනතාවට ලබලා දෙන්නයි." යනුවෙනි.