Tuesday, April 23, 2024

General line - 0115112241

නායකත්වය වෙනස් වන්නේ තේරීම් කමිටුවේ උවමනාවට - චන්දිමාල් කියයි

තරංග රුක්ෂාන් ජයසේකර




ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වය වරින් වර වෙනස්වීම සම්බන්ධයෙන් ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් අදහස් පළකර තිබෙනවා. ඒ, ක‍්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින්. ඔහු පෙන්වා දෙන්නේ නායකත්වය වෙනස් වීම තේරීම් කමිටුවේ තීරණයක් මත සිදු වන්නක් බවයි. 

තමා කණ්ඩායමේ රැඳී සිටින සෑම අවස්ථාවකදීම කළහැකි උපරිම සේවය ලබාදීම අරමුණ බවයි දිනේෂ් චන්දිමාල් ප‍්‍රකාශ කර ඇත්තේ. නායකයෙකු ලෙස  ඕස්ටේ‍්‍රලියාවේ දී සහ ඉන්දියාවේ දී ටෙස්ට් තරගාවලියක් ජය ගැනීම තම අරමුණ බවද ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා. නවසීලන්ත සංචාරයට සහභාගී වන ශ‍්‍රී ලංකා එක්දින සහ පන්දුවාර 20 කණ්ඩායමේ නායකත්වයට පත් කළේ ලසිත් මාලිංගයි. 

මේ අතර ශ‍්‍රී ලංකා - නවසීලන්ත පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවන දිනය නිමා වනවිට සිය පළමු ඉණිම ක‍්‍රීඩා කරන නවසීලන්තය තවත් කඩුලූ 08ක් අතැතිව ශ‍්‍රී ලංකාවට වඩා ලකුණු 29ක් ඉදිරියෙන් සිටියා. ඒ, ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමු ඉණිමට රැස් කළ ලකුණු 282කට පිළිතුරු ලෙස දිනය නිමා වනවිට කඩුලූ 02කට ලකුණු 311ක් රැස් කර ගනිමින්.