Thursday, April 18, 2024

General line - 0115112241

කැබිනට් මණ්ඩලය 30කට සීමා කිරීමට සූදානම්

ලහිරු කපුගේ




නව කැබිනට් මණ්ඩලය 30කට සීමා කරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉරාන් වික‍්‍රමරත්න පැවසුවේ අමාත්‍යවරුන්ගේ වරප‍්‍රසාද ද අවම කළ යුතු බවයි. 

එක්සත් ජාතික පෙරමුණේ සාමාජිකයින්ගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් බිහිවනු ඇතැයි තම අපේක්ෂාව බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළා. 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉරාන් වික‍්‍රමරත්න මෙම අදහස් පළ කළේ අරලියගහ මන්දිරයේ අද (16) පැවති මාධ්‍ය හමුවකදීයි.