Thursday, April 25, 2024

General line - 0115112241

කැබිනට් මණ්ඩලය පත් කිරීමේ ගැටළු රැසක් - පා.ම. රංජිත් සොයිසා

ප‍්‍රගීත් ජානක / සුනිල් හරිස්චන්ද්‍ර




නව කැබිනට් මණ්ඩලය පිහිටුවීමේ දී ගැටළු රැසක් මතුවනු ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරුන්ට තනතුරු ලබාදීමට යාමේදී මෙම තත්වය උදා වන බවයි. 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා මෙම අදහස් පළ කළේ ඇඹිලිපිටියේ අද (16) පැවති මාධ්‍ය හමුවකදීයි. මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා. 

මේ අතර එක්සත් ජාතික පක්ෂයෙන් තම කණ්ඩායම හා එක්වූ කිසිවෙකුත් යළිත් පක්ෂ මාරු නොකරනු ඇතැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ විශ්වාසය පළ කරනවා. 

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙම අදහස් පළ කළේ මීගොඩ ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.